සිරස කුමරිය හරහා කලා ක්ෂේත්‍රයට ඇවිත් ජීවිතයට ඉඩදෙන්න කියන වැඩසටහන ආයුබෝවන් ශ්‍රී ලංකා, මියුසික්‌ස්, හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ලයිව් වැඩසටහන් තුළින් නිවේදිකාවක් ලෙස ඔබ අතරට ආ රැවැත්තිය එහෙමත් නැතිනම් රජකඩුව, සිහින කුමරි, දෙගම්මැදියාව, ඉකිබිඳින තාරකා, රංගිර, සඳ විනිවිද ටෙලි නාට්‍යවලින් පුංචි තිරයේ තම රංගන හැකියාව පෙන්නූ රැවැත්තිය ඇය නමින් ටෙක්‌ලා කුමුදු කුමාරිය. පසුගියදා පැවති රෑපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සහ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ දී හොඳම නිළියට නිර්දේශ වුණෙත් සඳ විනිවිද නාට්‍යයේ උපේක්ෂා ගේ චරිතය රඟපෑ ටෙක්ලා, ගොඩක් දෙනා ආදරයට කියන්නේ &ටිකී* කියලා.
කොහොමද ටෙක්ලා?
මේ දවස්වල සුපුරැදු විදිහට ස්‌වර්ණවාහිනියේ නිවේදන වැඩකටයුතු කරගෙන ඉන්නවා. ඒ වගේම ජනවාරි අලුත් නාට්‍යයකට සම්බන්ධ වෙනවා. ඒකත් ප්‍රියන්ත ප්‍රනාන්දු අයියාමයි.
ඔබ හොඳම නිළියට නිර්දේශ වුණා?
ඔව්, ඇත්තටම මම ඒ ගැන සතුටු වෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දු අයියාගේ සඳ විනිවිද ටෙලි නාට්‍ය වෙනුවෙන් උපේක්ෂා ගේ චරිතය තමා මම හොඳ නිළියට නිර්දේශ වුණේ.
මොකද හිතුණේ හොඳම නිළියට නිර්දේශවෙලා කියලා දැනගත්තම?
හ්ම්ම්... මේ අවුරැදු කාලයට මට බලාපොරොත්තුවක් තිබ්බ එකක් තමයි ඒ සඳ විනිවිඳ නාට්‍යය. නමුත් හොඳම නිළියට නිර්දේශ වීම තුළින් මට සෑහීමකට පත්වෙන්න වුණා. ඒත් මම දුක් වෙන්නේ නැහැ. මොකද හොඳම නිළියට නිර්දේශවීමත් මට සතුටක්. බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.
ඒ චරිතය කරද්දීත් හිතුවද හොඳම නිළියට නිර්දේශ වෙයි කියලා?
නැහැ. ඒ දවස්වල බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. ගොඩක් බැණුම් අහලා තමා මම චරිතය ඒ කළේ. නමුත් අද එහි ප්‍රතිඵල මම ලබනවා. බලාපොරොත්තු නැති කරගත්තේ නැහැ මම මට සම්මානය නොලැබුණා කියලා. ඉදිරියේදී ඒ සඳහා බලාපොරොත්තු ඇතිව ඉන්නවා.
ඒ කියන්නේ ඔබ රඟපාන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්ද?
නැහැ. එහෙම බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි. නමුත් අපි කරන චරිතයකට කරන කැපකීරීම් සාධාරණය ගැන සලකලා ඒකට නිසි ඇගයිමක් ලැබෙනවා නම් කවුද අකමැති. මමත් ඉන්නේ එතැන.
කොහොමද ටෙක්ලා චරිත තෝරාගන්නේ?
විශේෂයෙන්ම මම පිටපත බලනවා. ඒක කියවද්දී මට දැනුණොත් මට යමක් කළ හැකි චරිතයක් කියලා මම භාර ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ කාර්යය ගැනත් මම හිතනවා.
මෙතෙක් රඟපෑ චරිත අතරෙ කැමතිම චරිතය?
සඳ විනිවිද ටෙලි නාට්‍යයේ උපේක්ෂාගේ චරිතය
ඔබ වඩාත් කැමති නිවේදනයටද? රංගනයටද?
මෙහෙමයි, මම ක්ෂේත්‍ර දෙකටම කැමැතියි. මම හැබැයි රංගනය කියලා දකින්නේ ලැබෙන හැම චරිතයක්ම භාර ගැනීම නෙවෙයි. ඒ වගේම නිතර දෙවේලේ පුංචි තිරයේ දකින්න ඕනේ කියන තැන නැහැ. මම ආසයි නිවේදිකාවක් විදිහට දකින අතරේ මාව වෙනස්ම විදිහකින් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන නිර්මාණවලට දායක වෙන්න. ඉතින් එහෙම මට ගැළපෙනවා කියලා හිතෙන නිර්මාණ තමා භාර ගන්නේ.
රංගනය සහ නිවේදනය කොහොමද ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ?
ඔය ප්‍රශ්නේ ඉතින් වමයි දකුණයි වගේ. ඉතින් වැඩිපුර වැඩ කරන්නේ දකුණෙන් නිසා නිවේදන වෘත්තීය තමා මම දකුණ විදියට දකින්නේ. වමෙන් ටිකක් වැඩ කරන්න අමාරැයි. නමුත් අමාරැවෙන් හරි හොඳ දෙයක් කරන්න මම උත්සාහ කරනවා. ඒ නිසා තමා ගැළපෙන චරිත තෝරාගෙන හෙමින් මට පුළුවන් දේ කරන්නේ ඉතින්.
ඔය ක්ෂේත්‍ර දෙකෙන් එකක් අත්හරින්න වුණොත්?
දෙකෙන්ම අයින් වෙනවා. මොකද මම මේ ක්ෂේත්‍ර දෙකටම ආදරෙයි. මොකද මේ කිසි දෙයක් කරන්න බැහැ කලාව ගැන හැදෑරීමක් නැතිව. ඉතින් මම නිවේදිකාවක් තුළිනුත් රංගනය තුළිනුත් මේ කලාව ඉගෙන ගන්නවා
ජනප්‍රියත්වය කියන දේ දකින්නේ කොහොමද?
ජනප්‍රියත්වය වටිනවා. නමුත් ජනප්‍රියත්වය ලැබිලා ඒක පවත්වාගන්න එක තමා අමාරැ.
කට කතා ගැන අදහස?
සමහර තැන්වලදී එහි සත්‍යතාවක් ඇති. නමුත් මම ස්තූතිවන්ත වෙනවා මට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන් අද වෙනකම් මගේ නමට හානි වෙන කිසිම කට කතාවක් හැදිලා නැහැ. ඒ වගේම කියන්න ඕනේ අද වෙන විට ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි අතරේ FB එක හරහා වත් එහෙම කරලා නැහැ. ඒ අපි හරි විදියට ජීවත් වෙන නිසා.
සිනමාවට සම්බන්ධ වෙන්නෙ නැද්ද?
සිනමාව ගැන කතා කරද්දී එක්තරා අමිහිරි අත්දැකීමක් තියෙනවා. මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ එකතරා අධ්‍යක්ෂවරයෙක් යටතේ මම සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. නමුත් කරන්න ඕනේ දේ මට කියන්නේ නැතිව වෙන කූට විදියට මා හරහා කටයුතු කරන්න ගිය නිසා මට සිනමාව ගැන තියෙන්නේ අප්‍රසන්න හැඟීමක්. නමුත් මම ගොඩක් ගරැ කරන අධ්‍යක්ෂවරැන් ඉන්නවා. ඉතින් එවැනි කෙනෙක්ගේ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා.
පවුලේ විස්තර සහ ගෙදරින් ලැබෙන සහයෝගය?
ඔව්, මට මේ තරම් දුරක් එන්න මගේ අම්මා තාත්තා මල්ලී මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. අදටත් ඒ සහයෝගය ලැබෙනවා. දැන් මම විවාහකයි. මගේ මහත්තයා රොෂාන් ජයසිංහ. ඒ වගේම මම දැන් අම්මා කෙනෙක්. මට මාස 5ක පුංචි දුවක් ඉන්නවා. එයා නිකිණි ජයසිංහ. මම රොෂාන්ව දැන හඳුනාගෙන දැන් අවුරැදු 16ක් වෙනවා. ඉතින් එයාගෙන් මට ලැබෙන සහයෝගය මෙතකැයි කියන්න වචන නැහැ.
ඔහුත් කලාවට සම්බන්ධයි නේද?
ඔව් සඳ විනිවිද නාට්‍යයේ මගේ අයියාට රඟපෑවේ රොෂාන්. ඒ වගේම ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා සංගීතය පැත්තෙන්. ඉතින් එයත් කලාවටම තමා සම්බන්ධ.
දුවත් කලාවට සම්බන්ධ වෙනවට කැමතිද?
මෙහෙමයි දුව කැමති නම් මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඒ වෙනුවෙන් මම කටයුතු කරනවා එහෙම නැතිව වෙනයම් අංශයකට කැමැත්තක් දැක්වූවොත් ඒ වෙනුවෙන් මම මට කළ හැකි දේ කරනවා.
අනාගත බලාපොරොත්තු?
මම රුකියාව විදියට කරන මේ කලා ක්ෂේත්‍රය තුළ හොඳ නමක් දිනාගෙන ඉදිරියටත් කටයුතු කරන අතරේ මගේ දරැවා වෙනුවෙන් එයාගේ අනාගතය සාර්ථක කරගන්න හැම අම්මා කෙනෙක්ට වගේම මටත් බලාපොරොත්තු තියෙනවා.
විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාටත්, ඇලෙක්සැන්ඩර් මීඩියා එකේ ඇලෙක්සැන්ඩර් මහතාටත් මාව හොඳ නිර්මාණයකට දායක කරගත්තට.
♦ අනූෂා රණසිංහ